ව්‍යවස්ථාව ඔස්සේ රටේ ප්‍රමුඛස්ථානය බුද්ධ ධර්මයට

Share

බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය ව්‍යවස්ථාවෙන් ලබා දුන්නත් සෙසු ආගම් සහ ජාතීන් සමග එක්ව  ශ්‍රී ලාංකිකයින් ලෙස ජීවත් විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කලුතර පැවැති උත්සවයක් අමතමින්.

අද වන විට ව්‍යවස්ථාව ඔස්සේ රටේ ප්‍රමුඛස්ථානය බුද්ධ ධර්මයට ලබා දී ඇති බවත් අනෙකුත් ජාතීන් හා සහජීවනයෙන් ජීවත් විය යුතු බවත් අග්‍රාමාත්‍යවරයා කියා සිටියි.

සියල්ලෝම ශ්‍රී ලාංකිකයන් බවට පත් වන්නේ ඒ ඔස්සේ බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය බෝපිටියේ ධම්මිස්සර හිමියන් වෙත මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවය මගින් සද්ධර්ම කීර්ති ශ්‍රී වාගීෂ්වර ධම්මානන්ද යන ගෞරව නාම සහිතව කළුතර මහා දිසාවේ ප්‍රධාන සංඝනායක ධූරය පිරිනැමීම අද සිදුකෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

Read more

Local News