වැල්ලවාය රණවරාව රක්ෂිතයේ ගින්නක්

Share

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රන්දෙණිය ග්‍රාම නිලධාරී වසමේ රණවරාව කඳු රක්ෂිතයේ ඊයේ(07) පස්වරුවේ හටගත් ගින්නකින් අක්කර පනහකට වඩා විනාශ වී තිබේ.

ඊයේ පස්වරුවේ හටගත් ගින්න අද(08) අලුයම වන විටත් තැනින් තැන සුළු වශයෙන් පවතින අතර ඊයේ රාත්‍රි වන විට උමාඔය ව්‍යාපෘතියේ ගිනිනීවිම් ඒකකය, වන සංරක්ෂණ නිලධාරීන් සහ වැල්ලවාය පොලීසිය එක්ව ගින්න පාලනය කර ඇත.

පවතින දැඩි වියළි කාලගුණය සහ සුළං තත්ත්වය හේතුවෙන් ගින්න පාලනය කිරීමට දැඩි බාධා එල්ල වී ඇත.

ගින්නෙන් රක්ෂිතයේ ඉපැරැණි ශාක සහ සතුන් විශාල ප්‍රමාණයක් විනාශ වී ඇති අතර කිසියම් පුද්ගලයකු සතුන් දඩයම් කිරිමේ අරමුණෙන් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට පොලීසිය සැක පල කරයි.

Read more

Local News