වත්මන් ආණ්ඩුවට ජාතික ආරක්ෂාව රැකගන්න බෑ

Share

අද වන විට රටේ ජනතාව ත්‍රස්තවාදයට බියෙන් ජීවත්වන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කුරුණැගල වාරියපොළ පැවති උත්සවයකට එක් වෙමින් විපක්ෂ නායකවරයා ඒ බව සඳහන් කළේය.

තම පාලන සමයේත් බෝම්බ ප්‍රහාර ඇතිවු නමුත් අද මෙන් ජනතාව බියෙන් නොසිටි බවත් අවුරුදු 30ක් පුරා තිබු බිය පහව ගොස් වසර 10ක් ගත වීමට පෙර නැවත ජනතාවට භීතියෙන් ජීවත් වීමට සිදුව ඇති බවත් ඒ මහතා කියා සිටියි.

ජාතික ආරක්ෂාව රැකගත නොහැකි ආණ්ඩුවක් තව දුරටත් බලයේ නොසිටිය යුතු බව වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසීය.

Read more

Local News