මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදේශිකයෙක් කටුනායක දී අත්අඩංගුවට

Share

මෙත් ඇම්පිටමින් නොහොත් අයිස් නැමති මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ ගුවන් තොටුපල ඒකකය සමත්ව තිබේ.

අද(08) අළුයම 12.10 ට පමණ කටුනායක ගුවන් තොටුපල පර්යන්තයේ දී මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට මෙරටට පැමිණි ගුවන් යානයෙන් පැමිණි මගියෙක් සමඟ මෙම මත්ද්‍රව්‍ය සොයා ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

එහිදී මෙත්ඇම්පිටමින් නොහොත් අයිස් කිලෝ ග්‍රෑම් 2 යි ග්‍රෑම් 623 ක් ඉතා සූක්ෂම ලෙස ගමන් බෑගයේ ව්‍යාජ පතුලක සඟවා ගෙන පැමිණි විදේශීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, එම පුද්ගලයා වයස අවුරුදු 25 ක් වු ලාඕස් ජාතිකයෙක් බවයි.

අත්අඩංගුවට පත් සැකකරු අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News