පලාලි ගුවන් තොටුපොළේ ජාත්‍යන්තර මෙහෙයුම් අගෝස්තුවේදී

Share

එළැඹෙන අගෝස්තු මාසය වන විට පලාලි ගුවන් තොටුපළ හරහා ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට හැකිවන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

පලාලි ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කිරීම ආරම්භ කරමින් හා යුද හමුදාව යටතේ තිබූ එම ගුවන් තොටුපොළ සිවිල් ගුවන් සේවා අධිකාරියට පැවැරීමේ උත්සයට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

යාපනය පලාලි ගුවන් තොටුපළ සංවර්ධනයට දැනට ආයෝජනය කෙරෙන මුදල රුපියල් මිලියන 2 250කි. ඒ සඳහා ශ්‍රී ලංකා රජයෙන් රුපියල් මිලියන 1,950ක් සහ ඉන්දීය ආධාර රුපියල් මිලියන 300ක් වශයෙන් යොදවයි.

“ඉදිරියේදී අපි මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර පලාලි ගුවන් තොටුපළින් සිදු කෙරෙන ගුවන් ගමන් සඳහා අවම මිල ගණන් යටතේ ගුවන් ටිකට්පත් මහජනතාවට නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් සකසනවා.” යැයිද අමාත්‍යවරයා කියා සිටියේය.

මෙම ව්‍යාපෘතියේ පළමු අදියරේදී දැනටමත් ගුවන් යානා මෙහෙයුම් කටයුතු සඳහා භාවිතයට ගැනෙන ප්‍රධාන ධාවන පථයෙහි මුල් මීටර් 950 අලුතින් ආස්ථරණය කිරීමට නියමිතය.

ඒ සමඟම ආසන 72ට අඩු Bombardier – 100 වර්ගයේ ගුවන් යානා පලාලි ගුවන්පොළෙහි හැසිරවීමේ අවස්ථාව උදා වේ.

ව්‍යාපෘතියේ දෙවැනි අදියරේ දී සිදු කෙරෙන්නේ එම ප්‍රධාන ධාවන පථය කිලෝ මීටර් 1.5 දක්වා අලුතින්ම ආස්ථරණය කිරීමයි.

Read more

Local News