වරාය අධිකාරියට නව මූලස්ථාන ගොඩනැඟිල්ලක්

Share

වරාය අධිකාරියට නව මූලස්ථාන ගොඩනැඟිල්ලක් ඉදිකරීමට බලාපොරොත්තු වන බව වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

අමාත්‍යවරයා අද(08) පෙරවරුවේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කැනල් අංගන පරිශ්‍රයෙහි නිරීක්ෂණ සංචාරයක නිරත විය.  ඒ ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් ඉදිකිරීමට යෝජිත මහල් 17 කින් යුත් නව පරිපාලන ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා නියමිත භූමියේ යෝග්‍යතාව පිරික්සා බැලීම සඳහා ය.

එම අවස්ථාවේදි අමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය.

වරාය නගරය ආශ්‍රිත දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නංවා ඇති අතර එහි එක් අදියරක් වශයෙන් වරාය අභ්‍යන්තරයෙන් ගමන් ගන්නා කැලණිතිස්ස සිට ගාලු මුවදොර දක්වා වූ අධිවේගී මාර්ගය ඉදිකිරීමේ දී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ගොඩනැගිලි රාශියක් එම පරිශ්‍රයෙන් ඉවත් කිරීමට සිදු වනු ඇත.

ඊට පිළියමක් වශයෙන් කැනල් අංගන පරිශ්‍රයෙහි මෙම නව පරිපාලන ගොඩනැගිල්ල ඉදි කෙරෙන අතර ඒ තුළින් වරාය සේවා ලාභීන්ට එකම ස්ථානයකින් සියලුම සේවා ලබාගැනීමේ මහඟු අවස්ථාව සහ සුහුරු වරායක් ලෙස ජාත්‍යන්තර අවධානය දිනාගැනීමේ හැකියාව ද එමගින් උදා වේ.

වසර 02 ක දී නිම කිරීමට යෝජිත මෙම නව වරාය පරිපාලන ගොඩනැගිල්ල සඳහා බිලියන 05 ක මුදලක් වැය කෙරෙනු ඇත.

මෙම නව පරිපාලන ගොඩනැගිල්ල ඉදිකිරීමට නියමිතව ඇත්තේ පිටකොටුවේ ශ්‍රී ලංකා රේගු මූලස්ථානය ආශ්‍රිත භූමි ප්‍ර‍දේශයකයි.

Read more

Local News