පක්ෂ සාමාජිකත්වයක් නොගත් අයෙක් රටේ නායකයා කළ යුතුයි

Share

පක්ෂ සාමාජිකත්වයක් නොගත් අයෙක් රටේ නායකයා කළ යුතු බවට ඇතැම් දේශපාලකයන් ප්‍රකාශ කරනුයේ බටහිර රටවල අවශ්‍යතාවය ඉටු කිරීම සඳහා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අත්තනගල්ල ආසනයේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පිහිටුවීමේ නිල උත්සවයට ඊයේ (07) එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

රටට අහිතකර පරිදි අමෙරිකාව සමඟ ගිවිසුම්වලට එළඹීමටත් ප්‍රථම අමෙරිකානු රජයේ නිලධාරීන් මෙරටට පැමිණ ඉඩම් මැනීමේ කටුයුතු සිදු කරන බවත් එය සාධාරණීකරණය කිරීමට විවිධ හේතු දැක්වීමටත් ආණ්ඩුව පෙළඹී ඇති බවත් ඒ මහතා කියා සිටියි.

ආණ්ඩුවේ මෙම අත්තනෝමතික ක්‍රියා පිළිවෙත තුළින් අනාගත පරපුරට ජීවත් වීම සඳහා රටක් ඉතිරි නෙවෙන අතර රට වෙනුවෙන් අවශ්‍ය වගකීම ඉටු කිරීමට තරුණ නායකත්වය රටට අවශ්‍ය බවත් වැඩිදුරටත් ඔහු ප්‍රකාශ කළේය.

එසේම ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමේදී අපේක්ෂයන් පිළිබඳ බුද්ධිමත්ව සිතා බලා විවේචනය කිරීමට හා ජනතාව වෙනුවෙන් කටයුතු කරන නායකයෙකු පත් කිරීමට තරුණ පරම්පරාව පෙළ ගැසිය යුතු බවත් ඔහු පවසයි.

Read more

Local News