අවිශ්ක එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

Share

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පිත්තෙන් දස්කම් දැක්වූ යොවුන් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 10ක් ඉදිරියට පැමිණ තිබේ.

ඒ අනුව එම සටහනේ ඔහු පසුවන්නේ 85 වන ස්ථානයේ බව වාර්තා වෙයි.

එමෙන්ම ඇන්ජලෝ මැතිව්ස් පිතිකරු ශ්‍රේණිගත කිරීම් සටහනේ ස්ථාන 02ක් ඉදිරියට පැමිණ තිබේ. ඒ ඉන්දියාවට එරෙහිව ශතකයක් වාර්තා කිරීමත් සමඟයි.

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් ලසිත් මාලිංග එක්දින පන්දු යැවීම් ශ්‍රේණිගත කිරීම් සටහනේ ස්ථාන 11ක් ඉදිරියට පැමිණ ඇත.

ඒ අනුව මාලිංගට හිමිව ඇත්තේ 33වන ස්ථානයයි.

Read more

Local News