කොන්ත්‍රාත් කාලය අවසන් වන තුරු කණ්ඩායම පුහුණුකරනවා

Share

සිය කොන්ත්‍රාත් කාලය අවසන් වන තුරු ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාර ධුරයේ සිටීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පැවසීය.

අද (08දා) උදෑසන පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.

තමාගේ කොන්ත්‍රාත් කාලය අවසන් වීමට තවත් මාස 16ක පමණ කාලයක් ඇති බවත්, එය අවසන් වන තුරු ධුරයේ රැඳී සිටීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Read more

Local News