වෛද්‍ය මෙහොමඩ් ෂාෆි නිදහස් වෙයිද ?

Share

කාන්තාවන්ට වඳ සැත්කම් කළ බවට චෝදනා එල්ල වී ඇති වෛද්‍ය මොහොමඩ් ෂාෆි ඇතුළු අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතිකයින් 36 දෙනෙකුට අද නිදහස ලබා දීමට සූදානමක් ඇති බව ජාතික පුවත්පතක් වන “ටැමිල්මිරර්“ වාර්තා කරයි.

කුරුණෑගල රෝහලේ වෛද්‍ය මෙහොමඩ් ෂාෆිට එරෙහිව එල්ල වී ඇති චෝදනාවලට ඔහු වරදකරුවකු නොවන බව සිදු කළ පරීක්ෂණවලදී හෙළිව ඇති බව එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කර තිබුණි.

අදාළ පුවත්පත වාර්තා කළ පරදි ඊයේ(08) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා මුස්ලිම් මන්ත්‍රීවරුන් අතර පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

මේ අතර පාස්කු ප්‍රහාරයෙන් පසු අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතිකයින් 36 දෙනෙකුද අද නිදහස් කිරීමට නියමිත බව එම පුවත්පත වාර්තා කරයි.

මෙම මුස්ලිම් ජාතිකයින් ත්‍රස්ත ක්‍රියා සඳහා සම්බන්ධ නොමැති පුද්ගලයින් බව එම පුවත්පත වාර්තා කර තිබුණි.

Read more

Local News