හෙරොයින් සමඟ සැකකාරියක් අත්අඩංගුවට

Share

කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ වෑකන්ද පාර, ප්‍රදේශයේ දී කොළඹ මධ්‍යම කොට්ඨාස ‍දුෂණ මර්දන අංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදු කර තිබේ.

මෙම වැටලීමේදී හෙරොයින් සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට ‍කොළඹ මධ්‍යම කොට්ඨාස ‍දුෂණ මර්දන අංශය සමත්ව තිබේ.

ඊයේ(08) රාත්‍රී 7.00 ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

එහිදී හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 520 ක ප්‍රමාණයක් සන්තකයේ තබා ගෙන සිටි තරුණියක් මෙලෙස ‍කොම්පඤ්ඤ වීදිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.

අත්අඩංගුවට පත් සැකකාරිය වයස අවුරුදු 27 ක් වු කොළඹ 2 ලිපිනයේ පදිංචිකාරියකි.

සැකකාරිය අද(09) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කොම්පඤ්ඤ වීදිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News