ඩෙංගු ඉහළ යාමේ ප්‍රවණතාවක්

Share

ඩෙංගු රෝගය ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සදහන් කළේ වැසි සහිත කාලගුණය ඉස්මතු වීමත් සමඟ මෙම ප්‍රවණතාව හටගෙන ඇති බවයි.

2019 වසරේ මේ වන විට ඩෙංගු රෝගීන්  26000ක් වාර්තා වී ඇති බවද  ඇය පවසයි.

කොළඹ , ගම්පහ ,කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, කෑගල්ල සහ නුවර යන දිස්ත්‍රික්කවල මෙම ඩෙංගු අවධානම පවතින බවද වෛද්‍යවරයා සඳහන් කළේය.

ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම නිසි පරිද සිදු කළහොත් රෝගය අවම මට්ටමක තබා ගැනීමට හැකි බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Read more

Local News