ලෝක කුසලාන පළමු අවසන් පූර්ව තරඟය අද

Share

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරඟය අද(09) මැන්චෙස්ටර්හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රිඩාංගනයෙදි ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වෙයි.

එ අනුව දෙවරක් ලෝක කුසලාන පහස විද තිබෙන ඉන්දියාව ලෝක කුසලාන ඉතිහාසයෙදි 06 වන වරටත් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා තිබේ.

අද තරඟයෙන් ජයගන්නා කණ්ඩායම අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබයි.

දෙවන අවසන් පූර්ව තරඟය ඔස්ටේලියාව සහ එංගලන්තය අතර ලබන 11 වැනිදා බර්මින්හැම් හිදී පැවැත්වීමට නියමිතයි.

ලෝක කුසලාන කිකට් තරගාවලියේ අවසන් තරඟය මෙම තරගවලින් ජයගන්නා කණ්ඩායම් අතර එළඹෙන 14 වැනිදා ලෝඩ්ස් කීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

Read more

Local News