සමඟියක් නොතිබුනොතින් රටට අනාගතයක් නෑ

Share

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් අනතුරුව තරුණ තරුණියන් බොහෝ පිරිසක් මෙරට අතහැර යාමට පටන්ගෙන ඇති බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ “ අමරපුර දින සැමරුම” වැඩසටහනට එක්වෙමින් කතානායකවරයා මෙම අදහස් පල කළේය.

මෙහිදී කතානායක කරූ ජයසූරිය මහතා වෙත “ සාධුජන ප්‍රසාදිනි ලංකා පුත්‍ර” ගෞරව නාමයද පිරිනැමුණි.

බෞද්ධ දර්ශනය ලොවට හදුන්වා දීමේදි ආදර්ශවත් විය යුතු බවත්, කුඩා රටක් වුවත් බෞද්ධ දර්ශනය රැක ගැනීමේ විශාල කාර්යභාර්යක් අපට පැවරි ඇති බව කථානායකවරයා පැවසීය.

රට ගොඩ නැගීය හැක්කේ අගමීක සහජීවනයක් ඇති වුවොත් පමණයි. සමඟියක් නොතිබුනොතින් රටට අනාගතයක් නොමැති බවද බවද ඒ මහතා පවසයි.

Read more

Local News