හිටපු මුස්ලිම් ඇමතිවරු හා ජනාධිපති අතර සාකච්ඡාවක්

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු මුස්ලිම් අමාත්‍යවරුන් අතර හමුවක් ඊයේ පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්විය.

රටේ වර්තමාන තත්ත්වය සහ මුස්ලිම් ජනතාවට බලපාන කරුණු කිහිපයක් එම හමුවේදී සාකාච්ඡා වී ඇති බව වාර්තා වෙයි.

21 වන සිදුවු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයාගෙන් වෙලාවක් ඉල්ලා සිටි බව මෙම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් මහතා කියා සිටියේය.

මුස්ලිම් ජනතාවගේ ගැටළු ගැන මෙහිදී සාකච්ඡා කළ නමුත් නැති වු අමාත්‍යධූර සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළ නොවුන බවද හිටපු රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යධූර නැවත ලබා ගැනීම පිළිබඳ නිශ්චිත මතවාදයක් නොමැති බවත්, ඒ ගැන පාර්ලිමේන්තු සැසිවාරයේ දී කථා කර පසුව තීරණයකට එන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

පොලීසියේ ඇති ගැටළු හා මුස්ලිම් පල්ලි කඩා බිඳ දමා තිබීම ගැන මෙහිදී ජනාධිපතිවරයා සමඟ කථා බහට ලක්ව තිබේ.

Read more

Local News