රුහුණු විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව දැඩි කරයි

Share

රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් සහ එහි අනධ්‍යන සේවකයින් අතර ඇති වූ ගැටුමෙන් අනතුරුව එහි ආරක්ෂාව දැඩි කිරීමට ආරක්ෂක අංශ පියවරගෙන තිබේ.

රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් සහ එහි අනධ්‍යන සේවකයින් අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිගයාමෙන් ඊයේ ගැටුමක් හටගත්තේය.

එම ගැටුමෙන් තුවාල ලැබු සිසුන් 10දෙනෙකු, අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයෙකු සහ විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශ නිලධාරියෙකු මේ වන විට මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.

ඇතී වූ ගැටුම හේතුවෙන් මේ වන විට විශ්ව විද්‍යාල පරිශ්‍රෙය් ආරක්ෂාව දැඩි කිරිමට පියවර ගෙන තිබේ.

මේ වන විට විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් සහ යුද හමුදා නිලධාරීන් යොදවා ඇති බව වාර්තා වෙයි

Read more

Local News