මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ 2ක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට

Share

ඇල්පිටිය පොලිස් වසමේ අනුරුද්ධගම ප්‍රදේශයේදී පසුගිය 30 වන දින මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඇල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඇල්පිටිය ප්‍රදේශයේ දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදි ඝාතනය සඳහා උපයෝගි කරගත් ගිනි අවිය ද පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඇල්පිටිය අනුරුද්ධගම ප්‍රදේශයේ දී 42 හැවිරිදි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි හේවාදේව දයානන්ද නොහොත් මණ්ඩකන්දේ රතුවා සහ 37 හැවිරිදි මැණික්පුර හකුරු තුෂාර සම්පත් නොහොත් සංඛ නැමති අය බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් අද(10) ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ඇල්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

Read more

Local News