අධිවේගී මාර්ගයේ කඩවත සිට කෙරවලපිටිය දක්වා කොටස සැප්තැම්බර් විවෘත වෙයි

Share

කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කඩවත සිට කෙරවලපිටිය දක්වා කොටස ලබන සැප්තැම්බර් මාසයේදී විවෘත කළ හැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

මේ වසර අවසන් වනවිට මෙම මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට සැලසුම් කර තිබුණද, සැප්තැම්බර් මාසය වනවිට එය අවසන් කිරීමට හැකිවනු ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය විශ්වාස කරන බව එහි සභාපති නිහාල් සූරියආරච්චි මහතා සඳහන් කළේය.

කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කඩවත සිට කෙරවලපිටිය දක්වා කොටසේ ඉදිකිරීම් කටයුතු 2016 ජනවාරි 01 වැනිදා ආරම්භ විය.

අධිවේගී මාර්ගය කිලෝමීටර 9.6ක දිගකින් යුක්ත වන අතර, එහි කිලෝමීටර් 6.3ක ප්‍රමණයක් උස් කුලුනු මත ඉදිකර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

මෙම මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ සමස්ත වටිනාකම රුපියල් බිලියන 66.7ක් වන අතර, මෙම අධිවේගී මාර්ගය හරහා කොට්ටාව – මාතර (E-1) අධිවේගී මාර්ගය සහ කොළඹ- කටුනායක (E-3) අධිවේගී මාර්ග සම්බන්ධ වීම සිදුවේ.

Read more

Local News