ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට අනන්‍යතාවයක් නැද්ද ?

Share

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ඒකාබද්ධව ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතාගේ නිවසේ ඊයේ(09) රාත්‍රී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ඉදිරියේදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවය පවත්වා ගැනීමට ඉදිරියේ දී කටයුතු කරන බවත්, මේ වන විට ජනාධිපති අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වන සංවිධාන 4 ක පමණ ඉල්ලීම් ලැබී ඇති බව ද මන්ත්‍රීවරයා පැවසීය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා නැවත වතාවක් ඉදිරිපත් වන්නේ නැතිනම් සහයෝගය දෙන ලෙස ඉල්ලීම් කීපයක් ලැබී තිබුණත් ඒ ගැන නිශ්චිත තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව ද ශාන්ත බණ්ඩාර මහතා මෙහිදී පැවසීය.

එසේ වුවත් කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවත්, පොදු ජන පෙරමුණ සමඟ ශක්තිමත් අයෙක් ඉදිරිපත් කර රට ඉදිරියට ගෙන යෑම බලාපොරොත්තුව වන බව ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

Read more

Local News