තලවකැලේ ආපන ශාලා, සිල්ලර වෙළඳසැල් හදිසි පරික්ෂාවකට – ඡායාරූප

Share

තලවකැලේ නගරයේ පිහිටි ආපන ශාලා සහ සිල්ලර වෙළදසැල් රැසක් මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් අද(10) හදිසි පරික්ෂාවකට ලක් කර ඇත.

පාරිභෝගිකයන්ට ගුණාත්මක සහ සෞඛ්‍ය සම්පන්න ආහාර පාන ලබාදිමේ අරමුණින් තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති අශෝක සේපාල මහතාගේ උපදෙස් පරිදි කොටගල මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් සහ තලවකැලේ ලිදුල නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් එක්ව මෙම හදිසි පරික්ෂාව සිදු කර තිබේ.

මෙම හදිසි පරික්ෂාවේදි අපිරිසිදුව ආපන ශාලා පවත්වාගෙන ගිය ආපනශාලා හිමියන් සහ සිල්ලර වෙළදසැල් රැසක් නිතියේ රැහැනට කොටුකරගත් අතර ඔහුන්ට එරෙහිව ආහාර පනත යටතේ නෛතික පියවර ගන්නා බව මෙම වැටලිමට සහභාගි වු මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පවසයි.

අඩුපාඩුකම් රැසක් සහිතව ආපන ශාලා සහ සිල්ලර වෙළදසැල් පවත්වාගෙන ගිය ආපන ශාලා හිමියන් සහ වෙළදසැල් හිමියන්ට එම අඩුපාඩුකම් සපුරා ගැනිම සඳහා දින 14 කාලයක් ලබාදුන් අතර එම කාලය තුලදි හදුනාගත් අඩුපාඩුකම් සපුරා යලිත් මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන්ගේ අධික්ෂණයට ලක් කළ යුතුය.

එසේ නොකරන ආපන ශාලා හිමියන් සහ වෙලදසැල් හිමියන්ට එරෙහිව නෛතික පියවර ගන්නා බව වැටලිම සිදු කල මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කියා සිටියේය.

මෙම වැටලිමේදි පරිභෝජනයට නුසුදු  තත්ත්වයේ තිබු අහාර පාන වෙළදසැල් හිමියාගේ කැමැත්ත මත විනාශ කිරිමටද වැටලිම සිද කල මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කටයුතු කළහ.

මෙවැනි වැටලිම් අඛණ්ඩව සිදු කරන බව වැටලිම සිදු කල මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ප්‍රකාශ කළේය.

Read more

Local News