බුද්ධාගමට සුවිශේෂී තැනක් ලබා දීය යුතුයි

Share

දහම්පාසල් සිසුන් සඳහා දහම් අධ්‍යාපනය ලබා නොදීම හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09වන වගන්තිය උල්ලංඝණය වන බව නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මහරගම මිරිහාන පාරමිතා දහම් ආයතනයේ පාරමිතා දහම්පාසලේ නව ගොඩනැඟිල්ලට මුල් ගල තැබීම නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

එම අවස්ථාවට මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාද එක්ව සිටියේය.

300-400 ක් දහම් අධ්‍යාපනය බලාපොරොත්තු වන විට එම අධ්‍යාපනය ලැබෙන්නේ ළමුන් 60 කට පමණක් බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

එවැනි තත්ත්වයක් තුළ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ද උල්ලංඝනය වී ඇතැයි පැවසු සජිත් ප්‍රේමදාස මහතා, 9 වගන්තිය අනුව බුද්ධාගමට සුවිශේෂි ස්ථානයක් ලබා දිය යුතු බව සඳහන්වී ඇතැයි ද කියා සිටියේය.

බුද්ධාගමට සුවිශේෂී තැනක් ලබා දීම කටවචනයකට හෝ කොළයකට සීමා වීම එතරම් සුදුසු නොවන බව ද සඳහන් කළ අමාත්‍යවරයා, එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතු බව ද පැවසීය.

නමුත් පසුගිය කාලය පුරා එවැනි ආකාරයට කට වචනයට පමණක් බුද්ධාගම ආරක්ෂා කළ බවත් ඔහු කියා සිටියේය.

බුද්ධාගම අනතුරේ යැයි පවසමින් එදා ඇතැමුන් ක්‍රියා කල බවත් අද දවසේ දීත් ප්‍රතිපක්ෂයේ සිටින ඇතැමුන් බුද්ධාගම අනතුරේ යනුවෙන් මයික්‍රෝෆෝන් දුටු විට පවසන බව ද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read more

Local News