කොල්ලුපිටියේ දී හෙරොයින් සමඟ පකිස්ථානුවෙක් අත්අඩංගුවට

Share

කොල්ලුපිටිය ප්‍රදේශයේදි හෙරොයින් කිලෝ ග්‍රෑම් 2කට අධික තොගයක් සමඟ පාකිස්ථාන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව සිදුකළ මෙහෙයුමක දී මෙම පාකිස්ථාන ජාතිකයා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

ඔහු සතුව තිබී හෙරොයින් කිලෝ ග්‍රෑම් 2යි ග්‍රෑම් 85 සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් 48 හැවිරිදි පාකිස්ථාන ජාතිකයා අද(11) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

Read more

Local News