අක්මීමන රිය අනතුරකින් අයෙක් මරුට

Share

අක්මීමන පොලිස් වසමේ දක්ෂිණ අධිවේගී පිවිසුම් මාර්ගයේ වලහන්දුව හන්දිය අසළදී ඊයේ(10) රාත්‍රී 7.20 ට පමණ  රිය අනතුරක් සිදුව තිබේ.

පින්නදුව පිවිසුමේ සිට නුගදූව දෙසට කාර්යාලීය මගී ප්‍රවාහන බස් රථයක ගැටීමෙන් මාර්ගය හරහා ගමන් කළ අයෙක් මෙම අනතුරින් මිය ගොස් ඇත.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 63ක්වු කටුපොල්වත්ත, වලහන්දුව ලිපිනයේ පදිංචි අයෙකි.

අනතුර සම්බන්ධව බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අක්මීමන පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Read more

Local News