ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට සන්ධානයේ සහය

Share

ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවද, එය ජයග්‍රහණය කරවීමට උනන්දුවක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසයි.

මෙම විශ්වාසභංග යෝජනාව පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග හෝ තම සන්ධානය සමග සාකච්ඡා කර නොමැති නමුත්, ආණ්ඩුවට එරෙහිව ඡන්දය භාවිත කිරීමට තීරණය කළ බවද එම සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා අද (11දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

මෙම ආණ්ඩුව ගෙදර යැවීමට සියලු දෙනා එකට එක්ව කටයුතු කළ යුතු අතර, එනමුත් ආණ්ඩු විරෝධී බවට පෙන්වන සමහර පිරිස් ආණ්ඩුව ආරක්‍ෂා කරගැනීමට අවශ්‍ය කටයුතු කරන බවද ඒ මහතා පවසා සිටියේය.

Read more

Local News