රජයේ සූදානමක් ගැන විපක්ෂනායක කියයි

Share

1949 අංක 58 දරණ මුදල් නීති පනත රජය විසින් සංශෝධනය කිරීමේ සූදානමක් පවතින බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ (11) පස්වරුවේ පාර්මේන්තු පරිශ්‍රයේදි විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළේය.

ආණ්ඩුව නොයෙක් පනත් ඉදිරිපත් කරමින් පවතින නීති වෙනස් කරමින් කටයුතු කරන බව ඒ මහතා පැවසීය.

“1949 අංක 58 මුදල් නීති පනත වෙනස් කිරීමට රජය කටයුතු කරනවා.

මහ බැංකුව හා මුදල් අමාත්‍යාංශය හවුලේ EPF තියෙන්නෙ මහබැංකුව යටතේ.

EPF එක නිදහස් කරගත්තාම අවශ්‍ය විදිහට වියදම් කරන්න පුළුවන්.

ඒ සඳහා වැඩපිළිවෙලක් සූදානම් වෙනවා.

මුදල් මණ්ඩලයේ මුදල් අමාත්‍යංශ ලේකම් අනිවාර්යයෙන් ඉන්නවා දෙකම එකට යන්න ඕනෙ නිසා.

ඔහු ඉවත් කර වෙනම කණ්ඩායමක් කිරීමආර්ථික විශේෂඥයින් අනුමත කරන්නෙ නැහැ.

මහ බැංකුවට පත් කිරීම් කළේ ජනපති කොමිෂන් සභා තමයි දැන් පත්වීම් කරන්නෙ.

සල්ලි අච්චු ගහන්න නිදහස ලැබෙනවා ආණ්ඩුවට, රටට විශාල බරක් ඇති විය හැකියි.

මේ පනත් කඩිමුඩියේ ගෙන ඒම ගැන සැකයි” යනුවෙන් ඒ මහතා සිය අදහස් පල කළේය.

Read more

Local News