නේපාලයේ හිටපු අගමැති හා අගමැති හමුවෙයි

Share

නේපාලයේ හිටපු අග්‍රාමාත්‍ය මාධව් කුමාර් නේපාල් මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (11) දින පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි.

දෙරට මුහුණපා සිටින සමාජ හා ආර්ථික අභියෝග ජය ගනිමින් ඉදිරියට ගමන් කළ යුතු ආකාරය පිළිබඳව මෙම සාකච්ඡාවේ දී වැඩි අවධානයක් යොමු කෙරිණි.

ශ්‍රී ලංකාව හා නේපාලය අතර මෙන්ම අග්‍රාමාත්‍යවරු දෙපළ අතර දිගු කලක සිට පැවැතෙන මිත්‍රත්වය තවදුරටත් තහවුරු කර ගැනීමට ද මෙම සාකච්ඡාව ඉවහල් විය.

පසුගිය අප්‍රේල් 21 වැනි දා මෙරට ස්ථාන කිහිපයක සිදුවූ බෝම්බ ප්‍රහාර සම්බන්ධව නැවත වතාවක් සිය කණගාටුව පළ කළ නේපාල හිටපු අග්‍රාමාත්‍ය මාධව් කුමාර් නේපාල්  මහතා එම ප්‍රහාරය එල්ල වී ඉතා කෙටි කලක් තුළ ඊට සම්බන්ධවූවන් නීතියේ රැහැනට හසු කර ගනිමින් රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට හැකි වීම පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය ප්‍රසාදය පළ කරන ලදී.

Read more

Local News