මුදල් වංචාවකට සොයමින් සිටි සැකකරුවෙක් අත්අංඩංගුවට

Share

මුදල් වංචාවක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු අත්අංඩංගුවට ගෙන තිබේ.

රුපියල් ලක්ෂ 20 ක් වංචා කිරීම සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් සිදුකරන ලද විමර්ශනයකදී අදාල සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

මෙම සැකකරු ඊයේ(11) සවස නාරම්මල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු 54 හැවිරිදි බංග්ලාදේශ ජාතිකයෙකු වෙයි.

සැකකරු අද(12) කොටුව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

Read more

Local News