විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

Share

කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.30ට පාර්ලිමේන්තුව රැස්වේ.

අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබුණේ, ඉඩම් විධිවිධාන විශේෂ පනත් කෙටුම්පත පිළිබඳව ය.

නමුත් ඒ සම්බන්ධ විවාදය අද නොපවත්වන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේ ය.

ඒ, අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් කිහිපයක් අධිකරණයට ඉදිරිපත් වී තිබීම හේතුවෙනි.

මේ අතර විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද කැඳවා තිබේ.

අප පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කළේ, නව ඉලෙක්ට්‍රොනික මැතිවරණ ක්‍රමයක් සම්බන්ධයෙන් මෙහිදී පක්ෂ නායකයින් දැනුවත් කිරීම නියමිත බවයි

Read more

Local News