යුරෝපා සංගමයේ ප්‍රතිත්‍රස්ත කටයුතු සම්බන්ධීකාරක ලංකාවේ සංචාරයක

Share

යුරෝපා සංගමයේ ප්‍රතිත්‍රස්ත කටයුතු සම්බන්ධීකාරක ගිල්ස් ද කර්ෂොව් මහතා මෙරට සංචාරයක නිරත වෙයි.

ශ්‍රි ලංකාවේ සහ මාලදිවයිනේ ආරක්ෂාව තහවුරු කිරීමේ උත්සහයට සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමට ඔහු මෙම සංචාරයේ නිරත වන බව වාර්තා වෙයි.

ශ්‍රි ලංකාව සහ මාලදිවයින සඳහා වන යුරෝපා සංගම් දුත මණ්ඩලය ප්‍රකාශ කළේ ලබන 16 වන දින දක්වා එම සංචාරය ක්‍රියාත්මක වන බවයි.

කර්ෂොව් මහතා මෙර රජයේ සහ විපක්ෂයේ ඉහළ නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

ගිල්ස් ද කර්ෂොව් මහතා 2007 වසරේ සිට යුරෝපා සංගමයේ ප්‍රතිත්‍රස්ත කටයුතු සම්බන්ධීකාරකවරයා ලෙස කටයුතු කරයි.

Read more

Local News