තේ වත්තේ අනවසරෙන් මැණික් ගැරූ 7ක් අත්අඩංගුවට

Share

තේ වත්තේ අනවසරෙන් මැණික් ගරමින් සිටි ජාවාරම්කරුවන් හත් දෙනෙක් ඊයේ(11) රාත්‍රි සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පැවසිය.

අත්අඩංගුවට ගත් ජාවාරම්කරුවන් බගවන්තලාව පොලිස් වසමට අයත් ටින්සින් තේ වත්තේ පියගැටපෙලක් ගලවා අනවසරෙන් මැණික් ගරමින් සිටින බවට ලද තොරතුරක් මත බගවන්තලාව පොලිසියේ නිලධාරින් මෙහෙයුමක් දියත් කර අදාල සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තේ වත්තේ විශාල වලක් හාරා පස් සමග තිබෙන මැණික් ඉල්ලම් ගොඩගෙන ඇති බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව ටින්සින් ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුවන් සමඟ මැණික් ගැරිමට උපයෝගි කරගත් උපකරණ රැසක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැර ඔහුන්ට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බවයි බගවන්තලාව පොලිසිය පැවසිය.

Read more

Local News