ගත වු පැය 24 තුළ බීමත් රියදුරන් 243 ක් අත්අඩංගුවට

Share

දිවයින පුරා සිදු කරන ලද විශේෂ රථවාහන මෙහෙයුමින් බීමත් රියදුරන් 2280ක් අත්අඩංගුවට ගෙන තිබේ.

බීමත් රියදුරන් අත්ඩඅංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් පසුගිය 5 වනදා සිට ආරම්භ විය.

මෙම මෙහෙයුමේ දී ඊයේ(11) උදෑසන 6.00 සිට අද(12) උදෑසන 6.00 දක්වා පැය 24 තුළ දී බීමත් රියදුරන් 243ක් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව ජුලි මස 5 වන දින සිට අත්අඩංගුවට පත්ව ඇති සමස්ත බීමත් රියදුරන් ගණන 2280ක් බව පොලීසිය සඳහන් කරයි.

Read more

Local News