කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලා අයෙක් අත්අඩංගුවට

Share

කහවත්ත, කෙටේතැන්න ප්‍රදේශයේදී නිවසක කසිප්පුවලට ඩයි යොදා සීල් අරක්කු ලෙස නිෂ්පාදනය කර අලෙවි කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු සමඟ අලෙවිය සඳහා සකස් කරන ලද හොර අරක්කු තොගයක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

කහවත්ත පොලිසිය මඟින් අද(12) අළුයම මෙම භාණ්ඩ තොගය සහ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පොලිසිය පැවසුවේ.

මෙම සැකකරු කාලාන්තරයක් තිස්සේ මෙම ඡාවාරම කරගෙන ගොස් ඇති අතර සිල්ලර වෙලඳ සැලක් පවත්වාගෙන යමින් ඵම වෙලඳ සැලේ සිට මෙම හොර අරක්කු අලෙවි කර ඇති බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු අද පැල්මඩුල්ල මහෙස්ත්‍රත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් කහවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News