තොටගමුව රන්පත් විහාරයේ පෙරහැර නිසා වාහන ගමනාගමනය සීමා කෙරේ

Share

මීටියාගොඩ, තෙල්වත්ත ඓතිහාසික පුරාණ තොටගමුව රන්පත් විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර මෙම මස 13 දින ආරම්භ වීමට නියමිතය.

මෙම පෙරහැර ගමන් කරන කාල සීමාව තුළ තෙල්වත්ත හන්දිය සිට සීනිගම දේවාලය දක්වා ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කිරීමක් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

ඒ සඳහා විකල්ප මාර්ග ලෙස කොළඹ සිට ගාල්ල දෙසට ගමන් කරන මීටියාගොඩ පොලිස් වසමේ කහව හන්දියෙන් වමට හරවා මීටියාගොඩ, කිරලගහවෙල, අලුත්වල, සරණ හන්දියෙන් දකුණට හැරී ගෝනාපීනුවල ඔස්සේ කුමාරකන්ද හන්දියට පැමිණ ගාල්ල දෙසට ගමන් කළ හැකි මාර්ගය භාවිතා කළ හැක.

ගාල්ල සිට කොළඹ දෙසට ගමන් කරනු ලබන වාහන ගාලු පාරේ එක් මං තීරුවක කොළඹ දෙසට ගමන් කළ හැක.

Read more

Local News