මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ කිසිඳු ගැටළුවක් නැති බව සජිත් කියයි

Share

මරණ දඬුවමට යටත්ව බන්ධනාගාර ගතව සිටියදී මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙනෙ පුද්ගලයින්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ කිසිදු ගැටළුවක් තමා නොදකින බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ‘සිසු දහම් සෙවණ’ වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ, කෑස්බෑව, කහපොල, ශ්‍රී සද්ධර්මාරාම මහා විහාරස්ථානයේ නව දහම් පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට ඊයේ(11) දින එක්වෙමිනි.

මෙරට ලක්ෂ 44 පමණ වන පාසල් දරු දැරියන්ගේ ජීවිත සහමුලින්ම විනාශ කරන මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුන්ගෙන් අනාගත දරු පරපුර ආරක්ෂා කරගන්නේ කෙසේද කියා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට විරුද්ධව කතා කරන පිරිසගෙන් තමන් ප්‍රශ්න කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

පාස්කු ඉරු දින අලුත්ම මාදිලියේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කළ සහ එයට සහයෝගය ලබාදුන් පුද්ගලයින්ට එරෙහිව මරණීය දණ්ඩනය ලබා දීමට ද මෙම කණ්ඩායම විරුද්ධ බව පැවැසූ අමාත්‍යවරයා රට කෑලි වලට බෙදීමට කටයුතු කළ කොටි ත්‍රස්තවාදීන්ට එරෙහිව යුද මෙහෙයුම ක්‍රියාත්මක කරන විට එදා පැවැති රජය ත්‍රස්තවාදීන් විනාශ නොකරන ලෙස ත්‍රිවිධ හමුදාවට උපදෙස් ලබා දුන්නාද කියා තමන් ප්‍රශ්න කරන බවත්, එසේ උපදෙස් ලබා දුන්නා නම් අදටත් කොටි ත්‍රස්තවාදය රටේ පවතින බවත් මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Read more

Local News