පොරොන්දු වු වැටුප ලබාදෙන ලෙස බලකරමින් ජනතා පෙත්සමක්

Share

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය සහ වතු එකාබද්ධ වෘත්තිය සමිති පසුගිය දා අත්සන් කළ දෛනික මුලික වැටුප රු. 750 ට අමතරව රජය මඟින් වතු කම්කරුවෙකුට දිනකට රු. 50ක වැටුපක් ලබාදෙන බවට පොරොන්දු වු වැටුප ලබාදෙන ලෙස බලකරමින් ජනතා පෙත්සමක් අත්සන් කිරීම සිදු කරයි.

ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සමස්ත ලංකා වතු කම්කරු සංගමය මඟින් අද(12) හැටන්නගර මධ්‍යයේ පුංචි බෝධිය අසලදී ජනතා පෙත්සමකට අත්සන් ලබා ගැනීම ආරම්භ කර ඇත.

හැටන් නගරයේ පුංචි බෝධිය අසළට එක් වු සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සභාපති කිට්නන් සෙල්වරාජ් සහ එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ජේ.එම්.ඒ ප්‍රේමරත්න යන මහතුන් සහ එම පක්ෂයේ සමාජිකයන්ව දැනුවත් කර ජනතා පෙත්සමට අත්සන් ලබා ගැනීම සිදු කර ඇත.

එම පක්ෂයේ ලේකම් ජේ.එම්.ඒ ප්‍රේමරත්න මහතා කියා සිටියේ ඉකුත් මැයි මාසයේ සිට වතු කම්කරුවන්ට රජය මඟින් පොරොන්දු වු වැටුප ලබා දිය යුතු බවත්, සමස්ථ වතුකරයම සහ දිවයින පුරා ජනතාව දැනුවත් කර ජනතා පෙත්සමට අත්සන් ලබාගෙන එම ජනතා පෙත්සම රජයට ලබා දී අදාල මුදල ලබාදෙන ලෙස බලකරන බවයි.

සමස්ත ලංකා වතු කම්කරු සංගමය මඟින් සංවිධානය කල ජනතා පෙත්සමට අත්සන් ලබාගැනීමේ වැඩසටහනට හැටන් ප්‍රදේශයේ විශාල පිරිසක් සහභාගී විය.

Read more

Local News