නවින් හා ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනිය අතර විශේෂ සාකච්ඡාවක්

Share

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා හා ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් අතර අද(12) බත්තරමුල්ල, සෙත්සිරිපාය 11 වන මහල පිහිටි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ පරිශ්‍රයේදී තේ පොල්, රබර්, සීනි හා කජු යන වැවිලි ක්ෂේත්‍රයන් ගැන දීර්ඝ සාකච්ඡාවක් පවත්වා ඇත.

එහිදී විශේෂයෙන්ම ශ්‍රී ලංකා තේ සඳහා ඇමෙරිකාව තුළ තිබෙන තත්ත්වය හා ඒ සඳහා ඇමෙරිකානු වෙළඳපල තුළ ඇති ඉඩකඩ පිළිබඳව සාකච්ඡාවට ලක් කළ අතර, දෙරට තේ කර්මාන්තයේ අපනයන තත්ත්වයන් පිළිබඳව ද සාකච්ඡා කරන ඇත.

තව ද ශ්‍රී ලංකාවේ ඊ ලෑන්ඩ් රෙජිස්ටේෂන් වැඩසටහනට (E Land Registration) හා මාර්ග සංවර්ධනය ආදී යටිතල පහසුකම් සංවර්ධනයට ශ්‍රී ලංකාවට පස් අවුරුදු ව්‍යාපෘතියකට ප්‍රදානයක් ලෙස මුල්‍ය පහසුකම් ලබා දීමට බලාපොරොත්තු වන බව තානාපතිනිය ප්‍රකාශ කර ඇති අතර එහිදී නුවරඑළිය, මාතලේ හා ඌව පළාත් මාර්ග සංවර්ධනය සඳහා වැඩි වශයෙන් මුල්‍යාධාර ලබා දීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා විසින් ඉල්ලීමක් සිදු කර ඇත.

ඇමෙරිකානු තානාපතිය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය පිළිබඳව ද සාකච්ඡා කළ අතර ශ්‍රී ලංකාවේ මාර්ගවල ප්‍රවාහන තදබදය අවම කිරීම සඳහා සැලසුම් සහගත ක්‍රියාවලියකට අරමුදල් ලබා දීමට ද බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා සමඟ ප්‍රකාශ කර ඇත.

තව ද අමාත්‍යවරයා විසින් ශ්‍රී ලාංකිකයන් සඳහා ඇමෙරිකානු විශ්වවිද්‍යාලවලින් එරට තාක්ෂණික දැනුම මෙරටට ලබා ගැනීමට අධ්‍යයනයට අවස්ථාවක් ලබා දෙන මෙන් ද ඉල්ලීමක් කර ඇත.

එසේම ඇමෙරිකානු තානාපතිනිය විසින් වැවිලි ක්ෂේත්‍රයේ කර්මාන්ත අංශයේ (විශේෂයෙන්ම තේ කර්මාන්තයේ නියුතුවූවන්ට) නියුතු වූවන් සඳහා සූර්ය පැනල ලබා දීමට හැකියාවක් ඇත් ද යන්න සොයා බලන බව ද ප්‍රකාශ කර තිබේ.

Read more

Local News