මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදා භාරයට

Share

ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් පිරිසක් සහ ඔවුන්ට අයත් ඩව් යාත්‍රාවක් සමඟ ඊයේ(11) දින නාවික හමුදා භාරයට ගන්නා ලදී.

උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක නෞකාවක් මඟින් ජාත්‍යන්තර මුහුදු සීමාවේ සිට නාවික සැතපුම් 3 ක් පමණ ශ්‍රී ලංකාව දෙසට පැමිණ මසුන් අල්ලමින් සිටියදී මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, එම ඉන්දීය ධීවරයින් සහ ඩව් යාත්‍රාව ශ්‍රී ලංකා නාවික නෞකා ‘එළාර’ ආයතනය වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී.

ඒ අනුව නාවික හමුදා භාරයට පත් මෙම පිරිස අවුරුදු 62, 48,39,27,22 සහ 12 යන වයස්වල පුද්ගලයින් වන අතර, එම ධීවරයින් පිරිස වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතය.

Read more

Local News