වියළි කාලගුණය නිසා දිස්ත්‍රික්ක අටක 550,000ක් පීඩාවට

Share

වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක අටක 550,000 කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ උතුර, නැගෙනහිර පළාත් සහ පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ජනතාව වැඩි වශයෙන් වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවයි.

එම ප්‍රදේශවල ජනතාව මුහුණ දී ඇති පානීය ජල ගැටළුවට විසදුම් ලබාදීම සඳහා රුපියල් මිලියන 50 කට අධික මුදලක් ආපදා කලමනාකරණ අමාත්‍යාංශය විසින් වෙන් කර ඇත.

වියළි කාලගුණයෙන් සහ අනෙකුත් ආපදා තත්ත්වයන්ගෙන් පීඩාවට පත් ජනතාව 117 ක්ෂණික දුරකතන ඇමතුම් අංකය ඔස්සේ ඒ සම්බන්ධයෙන් දැනුම්දිය හැකි බව ප්‍රදීප් කොඩිප්පිලි මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News