අගවිනිසුරු ජයන්ත ජයසූරිය කෝප් කමිටුව හමුවට

Share

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා කෝප් කමිටුව හමුවට අද කැඳවා තිබේ.

ඔහු කෝප් කමිටුව හමුවේ පෙනී සිටින්නේ මහපොළ භාරකාර අරමුදලේ සභාපතිවරයා ලෙස ය.

මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදල යටතේ පවතින මාලඹේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය පෞද්ගලීකරණය කිරීමට යාම පිළිබඳව විමසීමට ඔහු කැඳවන බව කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේ ය.

කෝප් හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව අද පස්වරු 2.30ට රැස්වීමට නියමිත ය.

මේ අතර පොදු නීතියක් සකස් කිරීම සම්බන්ධයෙන් වූ සිය වාර්තාව ලබන මස මුල් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි.

එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මලික් ජයතිලක මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කළ පොදු රටක් පොදු නීතියක් යන යෝජනා 11ක් මත පදනම්ව මෙම වාර්තාව සකස් කර ඇති බව ය.

ඒ අනුව අද දිනයේ ශ්‍රී ලංකා මහ බැංකුව, ආරක්ෂක අමාත්‍යංශය, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ ජනමාධ්‍ය අමාත්‍යංශ නිලධාරීන් කාරක සභාව හමුවට කැඳවා තිබේ.

Read more

Local News