යක්කල සිදුවු රිය අනතුරකින් අයෙක් මරුට

Share

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ යක්කල, හේන්විටමුල්ල ප්‍රදේශයේදී සිදුවු අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙන බවට වාර්තා වෙයි.

මෝටර් රථයක් මාර්ගයේ ලිස්සා ගොස් අසල නවතා තිබු ලොරි රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ තිදෙනෙකු ගමන් කර ඇති අතර ඉන් එක් අයෙකු බරපතළ තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමේදි මියගොස් ඇත.

මියගොස් ඇත්තේ වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි අයෙකි.

මෙම අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

Read more

Local News