ගත වු පැය 24 තුළ බීමත් රියදුරන් 260 ක් අත්අඩංගුවට

Share

දිවයින පුරා සිදු කරන ලද විශේෂ රථවාහන මෙහෙයුමින් බීමත් රියදුරන් 2540ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(12) උදෑසන 6.00 සිට අද(13) උදෑසන 06.00 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ බීමත් රියදුරන් 260ක සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

බීමත් රියදුරන් අත්ඩඅංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් පසුගිය 5 වනදා සිට ආරම්භ වූ අතර එය මාසයක් පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ අනුව පසුගිය 5 වනදා සිට අද දක්වා කාලය තුල අත්අඩංගුවට ගත් මුළු බිමත් රියදුරන් සංඛ්‍යාව 2540ක් බව පොලීසියි පවසයි.

Read more

Local News