නාවික හමුදාපතිගේ සේවා කාලය වසරකින් දීර්ඝ කරයි

Share

නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ සේවා කාලය වසරකින් දීර්ඝ කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එම සේවා දිගුව ලබාදී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළේය.

වයිස් අද්මිරාල් පියල් ද සිල්වා 2019 වසරේ ජනවාරි 01 වනදා සිට නාවික හමුදාපති ලෙස කටයුතු කරනු ලබන අතර ඔහු විශ්‍රාම යාමට නියමිතව තිබුණේ මේ මාසයේදීයි.

Read more

Local News