අද කොළඹ මාර්ග කීහිපයක ගමනාගමනය සීමා කරයි

Share

කුරුඳුවත්ත පොලිස් වසමේ මාර්ග කිහිපයක අද (14) දිනයේ රථවාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මූලස්ථානය පවසයි.

ඒ අනුව අද උදෑසන 06.00 සිට දහවල් 12.00 දක්වා රථවාහන ගමනාගමනය සීමා කෙරෙන බව සදහන්.

නෙදර්ලන්ත තානාපති කාර්යාලය සහ කොළඹ මහ නගර සභාව ඒකාබද්ධව සංවිධානය කරන මෝටර් රථවලින් තොර කලාපය හෙවත් “CAR FREE ZONE”  වැඩසටහන හේතුවෙන් මෙලෙස රථවාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මූලස්ථානය සදහන් කළේය.

ඒ අනුව ග්‍රීන් පාත් මාර්ගය, කන්නන්ගර මාවත, නිදහස් මාවත, මේට්ලන්ඩ් චන්ද්‍රවංකය, ශ්‍රී ලංකා පදනම් මාවත සහ මාකස් ප්‍රනාන්දු මාවත යන මාර්ගවල රථවාහන ගමනාගමනය සීමා කෙරෙන බව සදහන්.

මාර්ග වසා තැබෙන කාලය තුළ හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Read more

Local News