මම ජවිපෙ ප්‍රතිපත්තිවලට ගරු කරනවා

Share

ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනික වශයෙන් වෙනස් මතයක් දැරුව ද ඔවුන්ගේ ප්‍රතිපත්තිවලට ගරු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු ප්‍රකාශ කළේ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් වෙනත් පාර්ශවයන් සමඟ එකගතා පැවතියේ ද යන්න පිළිබද තමා දැනුවත් නොමැති බවයි.

මේ අතර විශ්වාසභංග යෝජනාවට එරෙහිව ඡන්දය භාවිත කිරීමට ඒකාබද්ධ විපක්ෂය මුලසිටම තීරණය කර තිබු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ ආණ්ඩු පෙරළීම සඳහා තවත් මාස කිහිපයකින් පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී අවස්ථාවක් පවතින බවයි.

මේ අතර අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ සත්‍යවාදී කරුණු මත පදනම් නොවී ඉදිරිපත් කරන විශ්වාසභංග තුළින් රජය ශක්තිමත් වන බවයි.

Read more

Local News