ගෝඨාට අපේ පක්ෂය විරුද්ධ නෑ

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡාවලින් අනතුරුව ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂයාගේ නම ප්‍රකාශයට පත්විය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.

අඟුණකොලපැලැස්ස පෙරුන්ගම ප්‍රදේශයේ පැවති ජනහමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියේය.

මුස්ලිම් අමාත්‍යවරු නැවත දිවුරුම් දීම පිළිබඳව සිය අදහස් දැක්වු ඒ මහතා කියා සිටියේ පාස්කු ඉරුදින ප්‍රහාරයට වග කිව යුතු පිරිසකුත් ඒ අතර සිටීම ගැටලුවක් බවයි.

ඉදිරි ජනාධිපතිවරයා නම් කෙරෙන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ එක්ව ගන්නා තීරණයකින් බවත් ඒ මහතා පවසා සිටියි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවද ඒ සඳහා සිය පක්ෂයේ විරුද්ධත්වයක් නැති බවත් ඔහු පවසා සිටියි.

Read more

Local News