එජාපය කෑලිවලට කැඩෙයිද ?

Share

ජනාධිපති අපේක්ෂකත්වය සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය කිසිවිටෙකත් එකඟ නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහර කාන්තා බල මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය කිසිසේත්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නැවත අපේක්ෂකයා ලෙස පත්වනවාට කැමැත්තක් නොමැති බව ඇය පවසයි.

කුමන අපේක්ෂකයා පැමිණිය ද තම පොදු ජන පෙරමුණට එය අභියෝගයක් නොවන බවත් කෙසේ වෙතත් ඊළඟ ජනාධිපතිවරණයේ දී එජාපය කෑලිවලට කැඩෙන බවත් ඇය වැඩිදුරටත් පැවසීය.

Read more

Local News