දොඩන්දුවේ සිට මුහුදු බලා ගිය ධීවර යාත්‍රා තුනක් අතුරුදන්

Share

දිවයිනට බලපා අැති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දොඩන්දුව හා තංගල්ල ධීවරයින්ට හානි සිදු වී අැති බවට වාර්තා වේ.

දොඩන්දුවේ සිට මුහුදු බලා ගිය ධීවර යාත්‍රා තුනක් අතුරුදන්ව අැති අතර එහි වු ධීවරයින් පිරිසක් ගොඩබිමට පැමිණි අැති අතර එ‍ක් අයෙක් මරණයට පත්ව තිබේ. එමෙන්ම තංගල්ලෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක් ද අතුරුදහන්ව අැති අතර තංගල්ල වෙරළට ධීවර මළ සිරුරක් ගොඩගසා අැති බව ධීවර අධ්‍යක්ෂ ජනරාල් ක්‍රිස්ටිලාල් ප්‍රනාන්දු මහතා පවසයි. කෙසේ වුවද තද සුළං හේතුවෙන් ගාල්ල හා මාතර රේඩියෝ සංඥා ගොඩනැගිලිවලට ද හානි සිදුව තිබේ.

ධීවර දෙපාර්තමේන්තුව පවසන්නේ අද(30) සහ හෙට(01) දින දෙක තුළද මෙම කාලගළණ තත්වය බලපැවැත්විය හැකි බැවින් සියලුම ධීවරයින්ට මුහුදු යාමෙන් වළකින ලෙසයි. එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන කාලගුණික වාර්තා කෙරෙහි අවධානය යොමු කරන ලෙසද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

Read more

Local News