GMOA වැඩ වර්ජනයක් ?

Share

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ අනුමැතියකින් තොරව පශ්චාත් සීමාවාසික පත්වීම් ලැයිස්තුව ප්‍රකාශයට පත්කිරීමට සෞඛ්‍ය බලධාරින් පියවර ගතහොත් වැඩ වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සදහන් කළේ ඒ සඳහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව පසුගිය සිකුරාදා දිනයේ රැස්වී එකඟතාවයකට පැමිණි බවයි.

අදාළ පශ්චාත් සීමාවාසික පත්වීම් ලැයිස්තුව ප්‍රකාශයට පත්කළ විගස දිවයින පුරා වැඩ වර්ජනයක් ආරම්භ කරන බව වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සදහන් කළේය.

Read more

Local News