කඩුගන්නාවේදී ඩිෆෙන්ඩරයක් ප්‍රපාතයට

Share

පේරාදෙණිය සිට ගම්පහ දක්වා ගමන් ගත් ඩිෆෙන්ඩර් රථයක් පහළ කඩුගන්නාව අම්බලම අසළදී පාරෙන් ඉවතට පැන ප්‍රාපාතයට පෙරලිමෙන් එහි ගමන් ගත් මගින් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. තුවාල ලැබූවන් අතර  මාස 9 ක දරුවෙකුද සිටින බව  මාවනැල්ල පොලීසිය පවසයි.

අද (14දා) පස්වරු 2.00 පමණ මෙම අනතුර සිදුවි ඇති අතර ඩිෆේන්ඩර් රථය අඩි 150 ක් පමණ ප්‍රාපාතයට පෙරළී තිබේ. තුවාලකරුවන්  හේනාවල රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව වැඩිදුරට ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහලට මාරු කර යවා තිබේ.

Read more

Local News