වඳුරව දුම්රිය හරස් මාර්ගයේ අනතුරකින් 2ක් මරුට

Share

වේයන්ගොඩ, වඳුරව දුම්රිය හරස් මාර්ගයේ අද(15) උදෑසන 6.45 ට පමණ දුම්රිය අනතුරක් සිදුව තිබේ.

කන්කසන්තුරය සිට කොළඹ කොටුව බලා ධාවනය වු දුම්රියේ යතුරුපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

එහිදී යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයෙකු හා ඔහුගේ දියණිය එම ස්ථානයේ දීම මිය ගොස් ඇති බව පොලිසීය පවසයි.

මෘත ශරීරයන් වතුපිටිවල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන් පත් කර තිබෙන අතර වේයන්ගොඩ පොලීසිය සිදුවීම පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News